ගුරු ප්‍රශ්නය විසඳන්න මහින්ද මැදිහත් වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් සඳහා දින වෙන්කර ඇති බව වාර්තා වේ.

එළැඹෙන සඳුදා (11) අරලියගහ මන්දිරයේදීයි මෙම හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් මේ වනවිටත් ගුරු සංගම් නායකයන්ට එම සාකච්ඡාව පිළිබඳව දැනුම් දී ඇති බව පැවසේ.

මෙම හමුව පිළිබඳව කළ විමසීමකදී ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයෙකු පැවසුවේ “අපි හැම මොහොතකම සාකච්ඡාවෙන් අපේ ප්‍රශ්නය විසඳා ගන්න බලාපොරොත්තු වුණු කණ්ඩායමක්. ඒ නිසා අපි මේ සාකච්ඡාවට යන්නේ බොහෝම විවෘත මනසකින්. අද දවසේ ජවිපෙ නායක අනුර දිසානායක මහත්මයත් මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඔහු ආණ්ඩුවට කිව්වේ ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳලා දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය තහවුරු කරන්න කියලා. අගමැතිතුමා වැටුප් විෂමතාව පිළිබඳව සාකච්ඡාවකට එන්න කීම අපි බොහෝම මැදිහත්ව බාර ගන්න කාරණයක්” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43