AFC Banner
Empty Ad
Empty Ad

ගුරු ප්‍රශ්නය විසඳන්න මහින්ද මැදිහත් වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් සඳහා දින වෙන්කර ඇති බව වාර්තා වේ.

එළැඹෙන සඳුදා (11) අරලියගහ මන්දිරයේදීයි මෙම හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් මේ වනවිටත් ගුරු සංගම් නායකයන්ට එම සාකච්ඡාව පිළිබඳව දැනුම් දී ඇති බව පැවසේ.

මෙම හමුව පිළිබඳව කළ විමසීමකදී ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයෙකු පැවසුවේ “අපි හැම මොහොතකම සාකච්ඡාවෙන් අපේ ප්‍රශ්නය විසඳා ගන්න බලාපොරොත්තු වුණු කණ්ඩායමක්. ඒ නිසා අපි මේ සාකච්ඡාවට යන්නේ බොහෝම විවෘත මනසකින්. අද දවසේ ජවිපෙ නායක අනුර දිසානායක මහත්මයත් මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඔහු ආණ්ඩුවට කිව්වේ ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳලා දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය තහවුරු කරන්න කියලා. අගමැතිතුමා වැටුප් විෂමතාව පිළිබඳව සාකච්ඡාවකට එන්න කීම අපි බොහෝම මැදිහත්ව බාර ගන්න කාරණයක්” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?