AFC Banner
Empty Ad
Empty Ad

තිරු නඩේසන් අල්ලස් කොමිසම හමුවට එයි

පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් තිරුකුමාරැ නඩේසන් මිට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම හමුවට පැමිණියා. ඒ එම චෝදනා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි

හෙළි නොකළ වත්කම් හරහා විදේශය රටවල දේපල මිලදී ගැනීම සම්බන්ධව ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇතිකල පැන්ඩෝරා පේපර්ස් හි මෙරට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ගේ ද නම් ඇතුලත්ව තිබුණා.

ඒ අනුව පැන්ඩෝරා පේපර්ස් හි නම් ඇතුලත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුලත එම වාර්තාව තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?