වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඇන හිටී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය මගින් සකස් කර තිබූ පරිගණක ජාල පද්ධතිය අඩාළ වීමෙන් ඊයේ (7 වැනිදා) රටේ පළාත් නවයටම අයත් කාර්යාලවල කටයුතු බිඳ වැටී තිබිණි.

​මේ හේතුවෙන් පළාත් නවයේම කාර්යාල වෙත සේවාවන් ලබාගැනීමට පැමිණි දහස් ගණනකට වාහන ආදායම් බලපත්‍ර ලබාගත නොහැකිව නැවත පිටව යාමට සිදුවී ඇත.

​මෙම 01 වැනිදා සිට රට විවෘත වීමත් සමග විශාල පිරිසක් එකවර වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පැමිණි නිසා මෙම තත්ත්වය ඇතිවූ බව තොරතුරු තාක්ෂණ, සන්නිවේදන ආයතනයේ ප්‍රධානියෙක් පැවසීය.

පරිගණක ජාල පද්ධතියට දරාගත නොහැකි ධාරිතාවකින් දත්ත ඇතුළත් කරමින් පරිගණක පද්ධතිය මගින් වාහන ආදායම් බලපත්‍ර ලබාදීමට යාම මීට හේතුව බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පළාත්​ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පළාත් නවයම ආවරණය වන පරිදි ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි.

පළාත් නවය ආවරණය වන පරිදි දිනකට ආදායම් බලපත්‍ර තිස් දහසක් පමණ නිකුත් කරනු ලබන බව තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනයේ නිලධාරියකු පැවසීය.

බස්නාහිර පළාතේ දිනකට ආදායම් බලපත්‍ර 1700ක් පමණ නිකුත් කරන බවද එම ආරංචි මාර්ග පැවසීය.

දැනට ඇති තත්ත්වය මත එක් පළාතකින් දින දෙක තුනක් පමණ ආදායම් බලපත්‍ර නිකුත් කර මෙම තත්ත්වය මගහරවාගත හැකි බව තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය පෙන්වා දී ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ පාලනය හෝ නියාමනය නොවන පද්ධතියක් බවත්, එය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනය යටතේ සිදුවන කටයුත්තක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් ‘අරුණ’ ට පැවසීය.

දිවයින පුරාම දෝෂ සහගත සහ ඇණහිටීම් සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) පෙරවරු 11 සිට විවිධ පැමිණිලි තමන් වෙත ලැබී තිබුණු බවත්, සිදුකළ සොයා බැලීමේදී එම පද්ධතිය හා යාවන වාහන අයිතිකරුවන් හා නිවැරදිතාවන් තහවුරු කරගැනීමේ පද්ධතියේ කිසිදු දෝෂයක් නැති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළ බව ලේකම්වරයා කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14