පැන්ඩෝරා පත්‍රිකාවේ විමර්ශන ඇරඹෙයි – නිරූපමාගේ සැමියාට නියෝගයක්

ලෝකයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් වන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව වහාම පරික්ෂණයක් ආරම්භ කර වාර්තාවක් ලබාදෙන ලෙස ඊයේ (06) දිනයේ දී ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර සිටියා.

ජනාධිපතිවරයාගේ නියෝගය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊට අදාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම පත්‍රිකාවේ නම සඳහන් වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් හට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව තිරුකුමාර් නඩේෂන් මහතා හෙට (08) දිනයේ එම කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?