ගෑස් මිල ගැන ඇමති දුන් ඉඟිය

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බවයයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

“මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව ඉදිරියේදී මිල වැඩිකිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොලේ මිල ඉහළයෑම නිසා. දැනට ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 800ක්. දැනට ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් එකාබද්ධව ගෑස් මිලදී ගන්නේ නැහැ. ඔවුන් වෙන වෙනමයි ගෑස් මිලදී ගැනීම සිදුකරන්නේ” මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?