තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිපදවන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ දී ඊයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබුවා.
නව කෙටුම්පත සකස් කිරීම සඳහා නීතිපතිවරයා ගේ අනුමැතිය ලබාදී තිබෙන අතර මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් මාධ්‍ය ඔස්සේ නිපදවනු ලබන අශ්ලීල ප්‍රකාශන වලට එරෙහිව නීතිය බලාත්මක කිරිමට මෙම නව පනතේ ප්‍රධාන අරමුණ වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




