ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරලා

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100 ම ඉන්දියාවට සතු බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් හටගත්තා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යොමු කල අතුරු පැනයකදීයි.

මේ අතර, කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි.

ඊට උදාහරණ දෙකක් ද ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එක්රැස් කිරීමේ ක්‍රමදෙකක් පවතින අතර ඉන් එක් ක්‍රමයක් යටතේ රැස් කළ යුතු බදු ප්‍රමාණය රුපියල් බිලියන 107ක් වුවත් අනෙක් ක්‍රමය යටතේ එය රුපියල් බිලියන 183 ක පමණ ඉහළ මුදල් ප්‍රමාණයක්.

මේ පිළිබඳව විමර්ශනය කළ යුතු බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ ගෙන්වූ අවස්ථා ද අදාළ වාර්තාවේ සඳහන් වන බවයි කෝපා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59