මම කිසිම වැරැද්දක් කරලා නෑ.. වහාම පරීක්ෂණ කරන්න..! තිරුනඩේසන් ජනපතිගෙන් ඉල්ලයි

ලොව පුරා සිටින කෝටි ප්‍රකෝටි පතියන්ගේ සැඟ වූ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනාත්මක තොරතුරු ඇතුලත් ලිපි ගොනුවේ නම සඳහන් වූ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිරු නඩේෂන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ තමන් සහ තමන්ගේ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ ගේ සැඟවුූ මුදල් ගිණුම් සහ වත්කම් විදේශයන්හි ඇති බවට අදාළ පත්‍රිකා ගොනුවෙහි සටහන් ව ඇති බවයි.

එමෙන්ම එම ලිපි ගොනු තුල නම් සටහන්ව ඇති සියලු පුද්ගලයන් වැරදිකරුවන් ලෙස මේ වන විට සමාජයේ පොදු මතයක් ගොඩනැගී ඇති බවත් එමෙන්ම පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු ලෝක නායකයින් බොහොමයක් මේ වන විටත් එම පත්‍රිකාවන්හි නම් සඳහන් පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙස නියෝග කර ඇති බවත් ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ දැක්වෙනවා.

එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී බවත් ඔවුන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවත් මෙම ලිපිය හරහා තිරු නඩේෂන් ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.

උද්ගතව ඇති තත්ත්වය යටතේ ඔහු ජනාධිපතිවරයාගේගෙන් ඉල්ලා සිටින්නේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සමන්විත කමිටුවක් හරහා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර තමන් සහ තම බිරිඳගේ කීර්ති නාමයන් පිරිසිදු කර කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි.

එල්ල කෙරෙන චෝදනා හේතුවෙන් සිය බිරිඳ සහ තමා බරපතළද කම්පනයකට ලක්ව ඇති බවත් දැඩි මානසික ව්‍යාකූල තත්වයකින් සිටින බවත් මෙම ලිපියේ සඳහන්.

ඔහු කියා සිටින්නේ අප දැනටමත් වැරදිකරුවන් ලෙස තීන්දු කර ඇති බවයි.

මේ හරහා නීතිය හමුවේ වරදකරුවකු වන තුරු නිර්දෝෂි භාවයේ අයිතිය කණපිට පෙරළී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මේ හේතුවෙන් තමන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

තිරු නඩේෂන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

243127933 395644368723739 8338940512905951816 n
243103420 293530958970475 9216313342744105135 n
243298955 563303341672730 9046317098760235415 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46