AFC Banner
Empty Ad
Empty Ad

මම කිසිම වැරැද්දක් කරලා නෑ.. වහාම පරීක්ෂණ කරන්න..! තිරුනඩේසන් ජනපතිගෙන් ඉල්ලයි

ලොව පුරා සිටින කෝටි ප්‍රකෝටි පතියන්ගේ සැඟ වූ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනාත්මක තොරතුරු ඇතුලත් ලිපි ගොනුවේ නම සඳහන් වූ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිරු නඩේෂන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ තමන් සහ තමන්ගේ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ ගේ සැඟවුූ මුදල් ගිණුම් සහ වත්කම් විදේශයන්හි ඇති බවට අදාළ පත්‍රිකා ගොනුවෙහි සටහන් ව ඇති බවයි.

එමෙන්ම එම ලිපි ගොනු තුල නම් සටහන්ව ඇති සියලු පුද්ගලයන් වැරදිකරුවන් ලෙස මේ වන විට සමාජයේ පොදු මතයක් ගොඩනැගී ඇති බවත් එමෙන්ම පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු ලෝක නායකයින් බොහොමයක් මේ වන විටත් එම පත්‍රිකාවන්හි නම් සඳහන් පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙස නියෝග කර ඇති බවත් ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ දැක්වෙනවා.

එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී බවත් ඔවුන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවත් මෙම ලිපිය හරහා තිරු නඩේෂන් ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.

උද්ගතව ඇති තත්ත්වය යටතේ ඔහු ජනාධිපතිවරයාගේගෙන් ඉල්ලා සිටින්නේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සමන්විත කමිටුවක් හරහා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර තමන් සහ තම බිරිඳගේ කීර්ති නාමයන් පිරිසිදු කර කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි.

එල්ල කෙරෙන චෝදනා හේතුවෙන් සිය බිරිඳ සහ තමා බරපතළද කම්පනයකට ලක්ව ඇති බවත් දැඩි මානසික ව්‍යාකූල තත්වයකින් සිටින බවත් මෙම ලිපියේ සඳහන්.

ඔහු කියා සිටින්නේ අප දැනටමත් වැරදිකරුවන් ලෙස තීන්දු කර ඇති බවයි.

මේ හරහා නීතිය හමුවේ වරදකරුවකු වන තුරු නිර්දෝෂි භාවයේ අයිතිය කණපිට පෙරළී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මේ හේතුවෙන් තමන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

තිරු නඩේෂන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

243127933 395644368723739 8338940512905951816 n
243103420 293530958970475 9216313342744105135 n
243298955 563303341672730 9046317098760235415 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52
Video thumbnail
බුද්ධියෙන් ගහපු කතිරේ ප්‍රතිඵලය - මේවට තමයි අපි මෙච්චර කල් බදු මුදල් ගෙව්වේ #npp #akd
01:09
Video thumbnail
🛑Breaking News
14:46
Video thumbnail
පත්වීම් ගැන නම් සෑහෙන ප්‍රශ්න තියනවා
02:32

?