AFC Banner
Empty Ad
Empty Ad

වයඹ මහ ඇමතිකමට ඉල්ලනවයි කියු රෝහිත ගත් අමුතු තීරණය

දේශපාලනයට පැමිණ සඳහා තමන් තුළ කිසිදු අදහසක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියි.

කුරුණෑගල පැවති මැතිවරණ ව්‍යාපාරයේදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති ධුරයට තමන් තරග වදින බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා සඳහන් කරයි.

දේශපාලනයට සම්බන්ධ නොවන නමුත් ජනතාවගේ යහපත උදෙසා සමාජ ව්‍යාපෘතින්වලට සම්බන්ධ වන බවද ඔහු පැවසීය.

තමන් සමාජ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වන්නේ හොඳ හිතින් මිස ඡන්ද ලබාගැනීමේ අදහසින් නොවන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?