AFC Banner
Empty Ad
Empty Ad

පැන්ඩෝරා ලිපි වලට රනිල් වික්‍රමසිංහගේ නමත් ගෑවෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් විසින් ලියන ලද ලිපියක් පැන්ඩෝරා ලිපි මගින් හෙළිදරව් කර තිබෙනවා.

මෙම ලිපියේ කරුණු අන්තර් ගතව ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් සම්බන්ධයෙන් වන අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබුවා.

එම ලිපියේ දිනය 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 15 වෙනිදා ලෙස සටහන්ව ඇති අතර, ඔහු එය ලියා ඇත්තේ මල්වාන නිවස සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට පත්වූ දිනයේදී වීමද විශේෂත්වයක්.

” තමන් අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු විසින් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ගේ නමට ලියන ලද ලිපියක් පැන්ඩෝරා ලේඛණ මගින් හෙළිදරව් වී තිබෙනවා. එම ලිපිය මගින් ඔහු තමාගේ නිවැරදිභාවය ඔප්පු කර පෙන්වා දැරිමට කටයුතු කර තිබෙනවා.

තමන්ට අයත් ඉඩමේ බැසිල් රාජපක්ෂ මහතා විසින් නිවසක් තනා ඇති බවට දැක්වෙන තොරතුරක් මාධ්‍ය විසින් වාර්තා කරන තෙක් තමන් නොදැන සිටිය බව ද මෙහිදී ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම් හේතුවෙන් තමන්ගේ නමට සහ තත්ත්වයට කැළලක් ඇතිවීම වැළැක්වීම සඳහා එම ඉඩම තමන් විකුණා දැමු බවද ඔහු එම ලිපියෙන් කරුණු දක්වා තිබෙනවා” යැයි මෙම ගවේෂණාත්මක හෙළිදරව්ව සිදුකළ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ එකමුතුව පවසනවා.

” තමන් අයුතු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුකර නොමැති බැවින් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස” ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

” තමන්ගේ ගණුදෙනු විනිවිද භාවයකින් යුක්ත බවත්, සියලු කරුණු වාර්තාකොට ඇති බව” ද ඔහු මෙහිදී සඳහන් කර ඇත. එමෙන්ම මෙම නඩුව පදනම් වී ඇත්තේ විශ්වාසකළ නොහැකි සාක්ෂිකරුවෙකු මත බව පවසා සිටින ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් තමන් කිසිදු වරදක් නොකළ බවටද සඳහන් කර ඇත.

243113870 390455225989902 2597187394482007001 n
243128186 303156681182073 7879781916235297863 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?