ලෝක කුසලාන පාවාදීමේ චෝදනාව නිසා මම දෙවැනි තැනට වැටුණා – ඇමති මහින්දානන්ද කියයි

2011 වර්ෂයේ ලෝක කුසලානයේ අවසන් මහ තරගයේදී තරග පාවාදීම ගැන සිදුකළ ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණය ගැන තමන් සෑහිමට පත් නොවන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

” 2011 අවසන් ලෝක කුසලාන තරගයේ පාවා දීමක් සිදුවූ බවට මම ප්‍රකාශයක් සිදුකළා. නමුත් ඒ ගැන සිදුවූ පරීක්ෂණ ගැන මම සෑහීමට පත්වන්නේ නැහැ. මොකද මම කිව්වේ නැහැ තරග පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධයි කියලා. මම කිව්වේ නැහැ සංගක්කාර, මහේල, අරවින්ද මහත්වරුන්ව ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ඩි.එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග සහ කණ්ඩායමේ කළමනාකරු සුරාජ් දන්දෙණිය ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකලේ නැහැ.

මොකද මේ ගැන අහන්න ඕන අය ඒ අයයි. එහෙම නැතුව ක්‍රීඩකයින් ගෙන් ප්‍රශ්න කරන්න කියලා මම කොතනකවත් කිව්වේ නැහැ. ඔය ගැන කිව්වා කියලා ගිය මහ මැතිවරණයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට ආවේ. මොකද මට විරුද්ධව කැම්පේන් එකක් ගියා මේ ගැන කතා කළා කියලා මට ජන්දය දෙන්න එපා කියලා.

අනිත් කරුණ තමයි මම අදටත් ඔය මැච් ෆික්සින් කියන එක වෙනවා.” අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදීමක් සිදුවූ බවට සිදුකළ ප්‍රකාශය ගැන නිසි සාක්ෂි නොමැති බව පවසමින් එම පරීක්ෂණ අවසන් කිරීමට නීතිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් විසින් නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34