හෙලිකොප්ටරයෙන් ගිය ගමන ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

තමන් ඉන්දිය විදේශ ලේකම්වරයා සමග හෙළිකොප්ටරයකින් ගමන් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ඇමති ධුරය භාර ගැනීමෙන් පසු ඉන්දීය විදේශ ලේකම් සමග නොව වෙනත් කිසිවෙකු සමග හෝ හෙලිකොප්ටර් සවාරි නොගිය බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

”අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් මෙන්න උදය ගම්මන්පිල ඇමති තුමයි ඉන්දියාවේ විදේශ ලේකම් තුමයි ත්‍රිකුණාමලයට ගමන් කරන හෙලිකොප්ටරයේ දර්ශන කියලා මාධ්‍යවලිනුත් පෙන්නුවා. මම ඇමති ධුරයට පත්වුණත් හරි අද දක්වා ඉන්දියානු විදේශ ලේකම් සමග නොව වෙනත් කෙනෙත් එක්කවත් හෙලිකොප්ටර් සවාරි ගිහින් නැහැ කියලා ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ ලේකම්වරයා මාත් සමග හෙලිකොප්ටර් සවාරි යනවා තියා මාව හමුවීමට අවස්ථාවක් වත් ඉල්ලලා නැහැ”

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ගියේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා.

1987 හා 2003 අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුමට අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100 ම මේ වන විටත් ඉන්දියාවට භාර දීලා හමාරයි. තමන් ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ එම තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

”ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ම මේ වන විටත් 1987 හා 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දියාවට භාර දීලා හමාරයි. මා ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරන්නේ එම තෙල් ටැංකි නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් පමණයි. ”

”පසුගිය ආණ්ඩු විසින් මේ තෙල් ටැංකි ඉන්දියාවේ භුක්තියට ලබාදීලා ඉවර නිසා ඒ අයට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ තෙල් ටැංකි බලන්න යන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

”1987 හා 2003 අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදීලා ඉවරයි. දැනට තියෙන්නේ කා ගාවද ඉන්දියාව ගාව. ඒක දීලා තියෙන්නේ කොච්චර කාලෙකද? සදාකාලිකවම” 2024 වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසු යළි ගිවිසුම්ගත වීමේ කතාබහක් පවතින්නේ දැයි නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09