ජනවාරියේ සිට ජනතාවගේ අතමිට සරුවන යුගයක් එනවා.

කොරෝනා වසංගතය නිසා රටේ ආදායම පහළ බැස තිබුණත් 2022 වර්ෂය රට පුරා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කීරීමට රජය ක්‍රියා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ පලාත් පාලන ආයතනවල නියෝජිතයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතිවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කෙළේය.

“ලෝකය පුරා පැතිරුණු කොරෝනා වසංගතය හේතුවෙන් අපේ රටේ සංවර්ධනයත් එක තැන නතර වුණු තත්ත්වයක් තිබුණා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාස අටක් තුළ මෙරට වේගවත් සංවර්ධන මාවතකට යොමු කරමින් සිටි නිසා මෙරටේ ජනතාව දේශපාලන ඉතිහාසයේ කිසි කලෙක නොවූ වීරු ආකාරයට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පත් කර ගත්තා. උතුරේ පැවැති දරුණු යුද්ධය නිමකර රටට සාමය උදාකළ අවධියේවත් එවැනි බලයක් අපේ ආණ්ඩුවට ලැබුණෙ නෑ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට එවැනි බලයක් ලබා දීලා රට වේගයෙන් සංවර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව කටයුතු කළා. නමුත් අපි හැමෝටම පාලනය කර ගත නොහැකි ආකාරයට කොරෝනා වසංගතය පැතිරුණු නිසා ජන ජීවිතය ආරක්ෂා කර ගන්න ප්‍රමුඛත්වය දෙන්න රජයට සිදු වුණා. ඒ අනුව රටේ සියලුදෙනාට එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගෙන කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර ගන්නට රජය සමත්ව තිබෙනවා. මේ කටයුතුවලට දායක වු සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඉදිරි කාලයේදීත් සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් ප්‍රවේසම් වීමට අපි හැමෝම කැප වෙන්න ඕනා. එහෙම වුනොත් නැවතත් ජනවාරි මාසයේ සිට රටේ සංවර්ධන සංග්‍රාමය ආරම්භ කර නැවතත් රට වැඩ බිමක් බවට පත් කරලා රටේ ජනතාවගේ අතමිට සරුවන යුගයක් බවට පත්වනු ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කෙළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි අය වැයෙන් රට පුරා සංවර්ධනයට විශාල මුදලක් වැය කර ඇති බවද, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 4,470 ක් වෙන් කර දිමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සැමට බීමට ජලය සැපයීමේ රජයේ වැඩපිළිවෙල අනුව ලබන වසර තුළ නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ පදිංචි සියලු දෙනාට බීමට ජලය ලබා දීමේ වැඩ පිළිවෙල සම්පූර්ණ කරන බවද, ආසනය පුරා ඇති සියලු මාර්ග වාහන ධාවනයට සුදුසු පරිදි කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය. මෙම සාකච්ඡාවට අමාත්‍ය සී.බී රත්නායක මහතාද එක්ව සිටියහ.

– ජයසූරිය උඩුකුඹුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19