කොවිඩ් සුව වූ කාන්තාවන්ට දීර්ඝකාලීන රෝග ලක්ෂණ රැසක් – මේ රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?

කොවිඩ් ආසාදනය වී සුවවු කාන්තාවන්ට මාස තුනත් මාස හයත් අතර කාලයකදී වැඩි බලපෑමක් ඇතිකරන දිගුකාලීන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙම රෝග ලක්ෂණ පිරිමි පුද්ගලයන්ට ද ඇතිවිය හැකිය.

එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය නමැති රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකය සිදුකළ අධ්‍යයනයකින් එවැනි රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇත.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සියයට 8ක් (8%) , උදර රෝග ලක්ෂණ සියයට 8ක් (8%), මානසික අවපීඩනය සියයට පහළොවක් (15%) , පපුවේ සහ උගුරේ වේදනාව සියයට හයක් (6%) , සංජානන ගැටලු සියයට 4ක් (4%) , තෙහෙට්ටුව, හිසරදය සියයට 5ක් (5%), මාංශපේශී වේදනාව සියයට 5ක් (5%) සහ වෙනත් වේදනාවන් සියයට හතක් (7%) වශයෙන් රෝග ලක්ෂණ මතුවන බවට හඳුනාගෙන තිබේ.

මෙම දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05