AFC Banner
Empty Ad
Empty Ad

අද සිට විවෘත කෙරෙන කාර්යාල

සියලුම තැපැල් කාර්යාල අද (04 වැනිදා) සිට විවෘත කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඊයේ (03 වැනිදා) පැවසීය.

සංචරණ සීමා පැවති සමයේ පෙරවරු 9 සිට සවස 4 දක්වා සතියට දින හතරක් පමණක් විවෘත කරන ලද තැපැල් කාර්යාල අද සිට පෙරවරු 8 සිට සවස 4 දක්වා සෙනසුරාදා ද ඇතුළත්ව සතියට දින හයක් විවෘත කෙරේ. ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අතර රජයේ රෝහල්වල සායනික රෝගීන්ගේ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ද කොවිඩ් තෙවැනි රැල්ලේ මේ දක්වා ඖෂධ වට්ටෝරු පන්ලක්ෂ හැත්තෑ දහසක් පමණ නිවෙස්වලට බෙදාහැර ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා ම ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් පමණක් බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන්නේ නම් දුම්රියෙන් ලිපි හා පාර්සල් ප්‍රවාහන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ මහතා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?