ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් – හේතුව මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේදි සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාලවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මෙම කෝටි 1200 න් කෝටි 500 ක් පමණ මාස හයත් වසරත් අතර කාලයක් පැරණි ගෙවීම් පැහැරහැරීම් බවත් ඔක්සිජන් සැපයුම් සදහා පමණක් රුපියල් කෝටි 15 ක් ද, රසායනාගාර සේවා සදහා රුපියල් කෝටි 250 ක් පමණ ගෙවීමට ඇති බවත් රවී කුමුදේශ් මහතා කීය.

මෙම තත්වය හමුවේ සමාගම් ගණනාවක් ඉදිරියේදී සිය සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සැපයුම අදාල සමාගම නතර කළ බවත් ඒ මහතා පැවසීය.

මෙම තත්වය සැලකිල්ලට ගෙන  ගොඩගැහෙන ණය මුදල් ගෙවා දැමීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් ලබා නොදෙන්නේනම් සහ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සේවාවන් අඩාල නොකරමින්, වියදම් පාලනය සදහා දක්ෂ පරිපාලකයන් පත්නොකරන්නේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්වීම නොවැලක්විය හැකි බව රවී කුමුදේශ් මහතා වැඩි දුරත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14