යාපනය සන්දිලිප්පායි ප්‍රදේශයේ දින දෙකක් පුරා අතුරුදහන්ව සිටි සංවර්දන නිලධාරියෙකුගේ මළ සිරුරක් නවාලි ප්‍රදේශයේ ළිඳකින් ඊයේ (30) දින රාත්‍රියේ සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙසින් සේවය කරනු ලැබූ අදාල පුද්ගලයා දින දෙකකට පෙර නිවසින් පිටව ඇත්තේ ව්‍යායාම කිරීම සඳහාය. නමුත් ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් පොලීසිය පැමිණිළි කොට අතුරුදහන් පුද්ගලයා සෙව්වද හමු වී නොමැත.
කෙසේ වෙතත් නවාලි ප්‍රදේශයේ වැසියෙකු ළිඳක පුද්ගල මළසිරුක් තිබෙනු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් අනතුරව පොලීසිය විසින් අදාල පුද්ගලයාගේ මළසිරුර ගොඩට ගෙන සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල මළ සිරුර අතුරුදහන් වූ සංවර්ධන නිලධාරියාගේ බවටය.
මෙලෙස මිය ගොස් ඇත්තේ සන්දිලිප්පායි ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මාණික්කම් ජයකුමාර් නැමත්තෙකු බවට හඳුනාගෙන ඇත.
මිය ගිය සංවර්ධන නිලධාරියා ළිඳට වැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා යාපන ශික්ෂණ රෝහලට භාර දී ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.