අතුරුදන් සංවර්ධන නිලධාරියාගේ මල සිරුර ළිඳකින් හමුවේ

යාපනය සන්දිලිප්පායි ප්‍රදේශයේ දින දෙකක් පුරා අතුරුදහන්ව සිටි සංවර්දන නිලධාරියෙකුගේ මළ සිරුරක් නවාලි ප්‍රදේශයේ ළිඳකින් ඊයේ (30) දින රාත්‍රියේ සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙසින් සේවය කරනු ලැබූ අදාල පුද්ගලයා දින දෙකකට පෙර නිවසින් පිටව ඇත්තේ ව්‍යායාම කිරීම සඳහාය. නමුත් ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් පොලීසිය පැමිණිළි කොට අතුරුදහන් පුද්ගලයා සෙව්වද හමු වී නොමැත.

කෙසේ වෙතත් නවාලි ප්‍රදේශයේ වැසියෙකු ළිඳක පුද්ගල මළසිරුක් තිබෙනු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් අනතුරව පොලීසිය විසින් අදාල පුද්ගලයාගේ මළසිරුර ගොඩට ගෙන සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල මළ සිරුර අතුරුදහන් වූ සංවර්ධන නිලධාරියාගේ බවටය.

මෙලෙස මිය ගොස් ඇත්තේ සන්දිලිප්පායි ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මාණික්කම් ජයකුමාර් නැමත්තෙකු බවට හඳුනාගෙන ඇත.

මිය ගිය සංවර්ධන නිලධාරියා ළිඳට වැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා යාපන ශික්ෂණ රෝහලට භාර දී ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05