ඉන්දියාවෙන් සහ බුරුමයෙන් සහල් ගෙන්වයි

රජය ඉන්දියාවෙන් හා බුරුමයෙන් සහල් ආනයනය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙයට මාස එකහමාරකට පමණ පෙර ඒ සඳහා වෙළෙඳ අමාත්‍යාංශය ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කර තිබුණි. එහෙත් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූයේ ගොවීන්ගේ වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණෙනි.

නමුත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිගින් දිගටම සහල් මිල ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරන නිසා මේ සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය සහල් ආනයනය කිරීමට තීන්දු කළේය. මුලින්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කෙරේ. එලෙස ගෙන්වන සහල් වර්ග හා පරිමාණයන් අද හෙටම තීරණය කොට අදාළ රටවල්වලින් මිල ගණන් කැඳවීමටත් සති කිහිපයක් තුළ මූලික තොග ලබාගැනීමටත් මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05