AFC Banner
Empty Ad
Empty Ad

විභාග කොමසාරිස් තනතුරේ වෙනසක්

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ලඟදීම විශ්‍රාම යෑමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව නව විභාග කොමසාරිස්වරයකු පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. 

නව විභාග කොමසාරිස්වරයකු පත් කිරීමේදී සුදුසු නිලධාරියකු නම්කොට කැබිනට් අනුමැතිය සඳහා යැවීම සාමාන්‍ය තත්ත්වයක්. 

නමුත් වැඩි විනිවිදභාවයකින් එය සිදුකිරීම සඳහා සේවා ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

මේ අතර ලඟදීම කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් එකවර විශ්‍රාම යෑමටද නියමිතව තිබෙනවා.

දිවයිනේ අධ්‍යාපන පරිපාලන සේවයේ පාසල් 32ක, 1 ශ්‍රේණියේ අධ්‍යාපන පරිපාලන සේවයේ 2 සහ 3 පාසල් 20ක හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පාසල් 43ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විට ගැසට් කර ඇති අතර එහි අවසන් දිනය ඔක්තෝබර් 12දා ලෙස සඳහන් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?