විභාග කොමසාරිස් තනතුරේ වෙනසක්

විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ලඟදීම විශ්‍රාම යෑමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව නව විභාග කොමසාරිස්වරයකු පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. 

නව විභාග කොමසාරිස්වරයකු පත් කිරීමේදී සුදුසු නිලධාරියකු නම්කොට කැබිනට් අනුමැතිය සඳහා යැවීම සාමාන්‍ය තත්ත්වයක්. 

නමුත් වැඩි විනිවිදභාවයකින් එය සිදුකිරීම සඳහා සේවා ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

මේ අතර ලඟදීම කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් එකවර විශ්‍රාම යෑමටද නියමිතව තිබෙනවා.

දිවයිනේ අධ්‍යාපන පරිපාලන සේවයේ පාසල් 32ක, 1 ශ්‍රේණියේ අධ්‍යාපන පරිපාලන සේවයේ 2 සහ 3 පාසල් 20ක හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පාසල් 43ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විට ගැසට් කර ඇති අතර එහි අවසන් දිනය ඔක්තෝබර් 12දා ලෙස සඳහන් කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05