කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්තත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් ඉදිරියේදී විවාහ උත්සව ශාලා තුළට ඇතුලු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇති බව විවාහ මංගල සේවා සංගමය අද අනතුරු ඇඟවීමක් සිදුකළා.
ලබන 16 වන දා සිට 50ක උපරිමයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට සෞඛ්‍ය අංශ අවසර ලබාදීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම ක්‍රියාත්මක කර එම අවස්ථාව ඉදිරියටත් රැක ගැනීමට කටයුතු කරන ලෙසයි එම සංගමය හෝටල් ඇතුළු සියළු පාර්ශවවලින් ඉල්ලා සිටියේ.
කුරුවිටදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති උපුල් ජයසේකර එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන වයස අවුරුදු 20ත්, 30ත් අතර තරුණ ප්‍රජාව වෙත දැනුම්දීමක් සිදුකළා.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමට අනිද්දා සිට යළි අවස්ථාව ලබාදී ඇති බවයි.