තෙල් ටැංකි ඉන්දියාවට දීමේ සූදානමක් ?

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

එහිදී වෘත්තිය සමිති පැවසුවේ ඉන්දියානු විදේශ ලේකම්වරයා අද මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන කළ මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති අද එක්ව සිටියා.  

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගයේ, බන්දුල සමන් කුමාර  මහතා මේ සම්බන්ධයෙන් පළ කර සිටියේ මෙවන් අදහසකි.

“මේ මොහොත වනවිට චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය නැවත වතාවක් ඉන්දියාවට බදු දීමේ සුදානමක් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ, ආණ්ඩුව විදියට මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක, හෙට දවසේ තවත් කටයුත්තක නිරතවෙනවා කියන කාරණය ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා.”

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති, ජගත් විජේගුණරත්න මහතා පවසා සිටියේ, “අපිට තියෙන ප්‍රශ්නේ, ඇයි ඉන්දීය විදේශ ලේකම්තුමා හදිසියේ ම ත්‍රිකුණාමලයේ යන්නේ. අපේ විෂයභාර ඇමතිතුමත් එහෙ ගිහින්.” යනුවෙනි.

ජාතික සේවක සංගමයේ, උපසංවිධායක ආනන්ද පාලිත මහතා මෙසේ අදහස් දැක්විය.

“එක්සත් ජාතික රජය කාලයේ ලේකම් එන්නේ තෙල් ටැංකි ගිවිසුම දීර්ළ කරන්න. ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමියේ තියෙන බංකර්භූමිය අවුරුදු 50කට ත් ඉහළාංගනයේ ටැංකි 60ක් බදු දෙන්න යන්නේ.”

මේ අතර ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණේ.

මෙහිදී ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා,  අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05