කිරිපිටි කිලෝවක් රු 1,145ක් දක්වා ඉහළට..?

කිරිපිටි කිලෝවක මිල රු 200කින් වැඩිවෙන බවත් ඒ අනුව කිරිපිටි කිලෝවක වෙළෙඳපොළ මිල රු 1,145ක් දක්වා වැඩිවන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා එම මිල ගණන් ඉදිරිපත් කරන බවය.

ඒ අනුව ලබන සතිය වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

කිරිපිටි වරායෙන් නිදහස්කර ගැනීම සඳහා ඩොලර් හිඟයක් තවමත් පවතින බව ඒ මහතා කියා සිටියේය.

ප්‍රශ්නය – කිරිපිටි ටොන් කොච්චරක් ලංකාවට එනවා ඇතිද වසරකට?

“වසරකට ටොන් 80,000ක් විතර ගෙන්වනවා අපි.”

ප්‍රශ්නය –  කොච්චරක් ද හිරවෙලා තියෙන්නේ වරායේ?

“අපේ නම් කිරිපිටි ටොන් කිලෝ ලක්ෂ 3ක් විතර හිරවෙලා තියෙනවා. අනෙක් සමාගම්වලත් ඇති කොටස් වශයෙන් ගෙනල්ලා.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා වෙළෙඳපොළ ට නිකුත් කරාම කිරිපිටි කිලෝවක් විකුණන්ගේ කීයට ද?

“රු 945යි පාරිභෝගිකයා ට යන්නේ. නමුත් අපි දෙන්නේ රු 820කට විතර. අපිට දැන් විකුණන කොට ඍණ අගයක් 30% විතර තියෙන්නේ. උපරිම වශයෙන් පාරිභෝගික අධිකාරියෙන් දෙන්නේ කිරිපිටිවලට සියයට 4යි. හැමදාම අපිට තියෙන්නේ සියයට 2යි 1යි. මේ අවුරුද්දේ බැලුවොත් අති විශාල පාඩුවක්. මේක මාසයකට බැලුවහම රු 350 ගානේ පාඩුව බැලුවොත් එහෙම මිලියන 1,200ක් විතර පාඩුයි මේ සමාගම් ටිකට.”

ප්‍රශ්නය – කිරිපිටි හිඟය නැති වෙන්න මොකද්ද කරන්න පුළුවන්?

“හිඟය නැතිවෙන්න නම් කිරිපිටි ආනයනය කරන්න ඕනේ. දැන් අපේ සමාගමට වෙලා තියෙන්නේ, අනෙක් සමාගම්වලට එහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ, දැන් අර පරණ බිල් ගෙවන කල් ඒ රටවල්වලින් ඇණවුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වරායේ තියෙන ටික නිදහස් කර ගන්න අවශ්‍ය ලියකියවිලි ගෙන්න ගන්න ඕනේ ඒ රටවලින් අපි ඒ හිඟ මුදල ගෙවන්න ඕනේ. ඒක ගෙවලා අපේ රට ඇතුළු තියෙන කිරි ටිකයි ඔක්කෝම මිල සංශෝධනයක් ඉල්ලලා තියෙනවා මේ අධික පාඩුවක් නිසා ගෙනියන්න බැරුව. කිරිපිටි පාඩුව මේ ආයතන 5ට එකතුවෙනවා මිලියන 1,100ක් විතර.”

ප්‍රශ්නය – කීයක් වැඩිකරන්න ද ඉල්ලුවේ ?

“අපි ඇත්තටම වැඩි කරන්න ඉල්ලූවේ වෙනස විතරයි.  ඩොලර් එක රු 186 තිබුණ එක රු 203 වුණා නිල වශයෙන්. නිල නොවන විදියට රු 238 වුණා. මේ වෙනස විතරයි අපි ඉල්ලුවේ රු 350ක්. ඒ වෙනස පාරිභෝගික අධිකාරියෙන්, ජීවන වියදම් කමිටුවෙන් ඒ අය තීරණය කරලා තියෙනවා රු 200ක් පමණක් දෙන්න. ඒක මේ සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා දානවා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙනවා ද?

“ඔව් කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙයි වෙළෙඳපොළට එනකොට. රු 200ත් අපිට ලාභයක් නෙමෙයි පාඩුවක්. රු 150ක පාඩුවක් වෙනවා. විකුණන මිල 1‍,145ක් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09