කිරිපිටි කිලෝවක් රු 1,145ක් දක්වා ඉහළට..?

කිරිපිටි කිලෝවක මිල රු 200කින් වැඩිවෙන බවත් ඒ අනුව කිරිපිටි කිලෝවක වෙළෙඳපොළ මිල රු 1,145ක් දක්වා වැඩිවන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා එම මිල ගණන් ඉදිරිපත් කරන බවය.

ඒ අනුව ලබන සතිය වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

කිරිපිටි වරායෙන් නිදහස්කර ගැනීම සඳහා ඩොලර් හිඟයක් තවමත් පවතින බව ඒ මහතා කියා සිටියේය.

ප්‍රශ්නය – කිරිපිටි ටොන් කොච්චරක් ලංකාවට එනවා ඇතිද වසරකට?

“වසරකට ටොන් 80,000ක් විතර ගෙන්වනවා අපි.”

ප්‍රශ්නය –  කොච්චරක් ද හිරවෙලා තියෙන්නේ වරායේ?

“අපේ නම් කිරිපිටි ටොන් කිලෝ ලක්ෂ 3ක් විතර හිරවෙලා තියෙනවා. අනෙක් සමාගම්වලත් ඇති කොටස් වශයෙන් ගෙනල්ලා.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා වෙළෙඳපොළ ට නිකුත් කරාම කිරිපිටි කිලෝවක් විකුණන්ගේ කීයට ද?

“රු 945යි පාරිභෝගිකයා ට යන්නේ. නමුත් අපි දෙන්නේ රු 820කට විතර. අපිට දැන් විකුණන කොට ඍණ අගයක් 30% විතර තියෙන්නේ. උපරිම වශයෙන් පාරිභෝගික අධිකාරියෙන් දෙන්නේ කිරිපිටිවලට සියයට 4යි. හැමදාම අපිට තියෙන්නේ සියයට 2යි 1යි. මේ අවුරුද්දේ බැලුවොත් අති විශාල පාඩුවක්. මේක මාසයකට බැලුවහම රු 350 ගානේ පාඩුව බැලුවොත් එහෙම මිලියන 1,200ක් විතර පාඩුයි මේ සමාගම් ටිකට.”

ප්‍රශ්නය – කිරිපිටි හිඟය නැති වෙන්න මොකද්ද කරන්න පුළුවන්?

“හිඟය නැතිවෙන්න නම් කිරිපිටි ආනයනය කරන්න ඕනේ. දැන් අපේ සමාගමට වෙලා තියෙන්නේ, අනෙක් සමාගම්වලට එහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ, දැන් අර පරණ බිල් ගෙවන කල් ඒ රටවල්වලින් ඇණවුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වරායේ තියෙන ටික නිදහස් කර ගන්න අවශ්‍ය ලියකියවිලි ගෙන්න ගන්න ඕනේ ඒ රටවලින් අපි ඒ හිඟ මුදල ගෙවන්න ඕනේ. ඒක ගෙවලා අපේ රට ඇතුළු තියෙන කිරි ටිකයි ඔක්කෝම මිල සංශෝධනයක් ඉල්ලලා තියෙනවා මේ අධික පාඩුවක් නිසා ගෙනියන්න බැරුව. කිරිපිටි පාඩුව මේ ආයතන 5ට එකතුවෙනවා මිලියන 1,100ක් විතර.”

ප්‍රශ්නය – කීයක් වැඩිකරන්න ද ඉල්ලුවේ ?

“අපි ඇත්තටම වැඩි කරන්න ඉල්ලූවේ වෙනස විතරයි.  ඩොලර් එක රු 186 තිබුණ එක රු 203 වුණා නිල වශයෙන්. නිල නොවන විදියට රු 238 වුණා. මේ වෙනස විතරයි අපි ඉල්ලුවේ රු 350ක්. ඒ වෙනස පාරිභෝගික අධිකාරියෙන්, ජීවන වියදම් කමිටුවෙන් ඒ අය තීරණය කරලා තියෙනවා රු 200ක් පමණක් දෙන්න. ඒක මේ සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා දානවා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙනවා ද?

“ඔව් කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙයි වෙළෙඳපොළට එනකොට. රු 200ත් අපිට ලාභයක් නෙමෙයි පාඩුවක්. රු 150ක පාඩුවක් වෙනවා. විකුණන මිල 1‍,145ක් වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?