ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන බස් රථ ගැන ගන්න යන තීරණය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. එසේම කොරෝනා ආසාදිතයින් 893 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 518,775ක් ලෙසයි.

වාර්තා වූ නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 47,726ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 58ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර, මෙම සතියේ මෙරටට ලද දෙවන ෆයිසර් එන්නත් තොගය මෙය වනවා.

මෙම එන්නත් තොග මෙරටට ලැබී ඇත්තේ කොවැක්ස් පහසුකම යටතේ යි.

මේ අතර ඊයේ දිනයේ රට යළි විවෘත කිරීමත් සමඟ බස් රථවල මඟී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ප්‍රකාශ කළේ, ප්‍රමාණවත් තරම් මඟීන් මාර්ගවල නො මැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ නිරෝධායන නීති කඩකරන බස් රථ සොයා සිදුකරන වැටලීම් අඛණ්ඩ ව ක්‍රියාත්මක බවයි.

දුම්රිය ධාවනය සති දෙකකට අත්හිටුවා ඇති අතර, ඉන් අනතුරුව දුම්රිය ගමන්වාර 108ක් ධාවනයට සූදානම් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලසීමාව තුළ දුම්රිය අලුත්වැඩියා කටයුතු ද සිදු කර ඇති අතර, පළාත් තුළ මෙන්ම අන්තර් පළාත් ධාවනය සඳහා අවශ්‍ය කාලසටහන් ද මේ වනවිටත් සකස් කර අවසන් බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින ම ආවරණය වන අයුරින් ධීවර වරායන් 23ක් විෂබීජහරණය කිරීමේ කටයුතු අද මෝදර, බේරුවල සහ තංගල්ල යන ධීවර වරායන්වලින් ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් මෙය සිදුවන අතර, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එය සිදු වූ බවයි. ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව සිදු කරන විෂබීජහරණ වැඩසටහනකට සමගාමීව යි මෙය පැවැත්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09