බස් රථවල මගීන්ව හිටගෙන අරන් ගියොත් අත්අඩංගුවට

එළැඹෙන සදුදා සිට මගී ධාරිතාව ඉක්මවා සිටගෙන මගීන් ප්‍රවාහන කරන බස් රථ අත්අඩංගුවට ගැනීමටත් බලපත්‍ර තහනම් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව එම බස් රථ නැවත දැනුම් දෙන තුරු පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමට අවශ්‍යය උපදෙස් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ ධාවනය කරවීමට සැලසුම් කළ බස් රථ හයදහසක ප්‍රමාණයෙන් බස් රථ 900 පමණ සුලු ප්‍රමාණයක් පමණක් ධාවනය කර ඇති බවද ඒ බස් රථ සේවකයින් බොහෝ පිරිසක් සිය රැකියාවලින් ඉවත්ව වෙනත් රැකියාවලට යොමු වී තිබීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රට විවෘත කළද අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දුන් ලංගම බස් රථ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරන තෙක් නොකඩවා ලබා දෙන බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14