අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මහබැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මීට ටික වෙලාවකට පෙර පවසා සිටියා.
ඉදිරි හය මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම සීමාවන් ඉවත් කිරීමත් සමඟ ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවටයි.මෙරට ආර්ථිකය මුහුණ පෑ දැඩි ඩොලර් සංචිත හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් සඳහා දැඩි ආනයන සීමා පැනවුනේ මීට සති දෙකකට පෙරාතුවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




