AFC Banner
Empty Ad
Empty Ad

ලබන 4 වනදා සිට විවෘත වන කාර්යාලය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට එම කාර්යාලවල සේවාවන් ආරම්භ කරන බවයි.

නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වේ.

එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර, අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් කඩිනමින් යොමුකිරීමට බලාපොරොත්තු වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?