මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 01වැනිදා සිට යළි ආරම්භ කරන බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොරෝනා අවදානම හේතුවෙන් දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අගෝස්තු 16 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබිණි. 2021.08.16 වැනිදා සිට 2021.09.30 වැනිදා දක්වා කල් ඉකුත්වූ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා 2021.10.01 වැනිදා සිට 2021.10.31 වැනිදා දක්වා මාසයක සහන කාලයක් ලබාදී ඇත.

අදාළ කාලය තුළ කල් ඉකුත් වූ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සලකා බලන, යෝග්‍යතා සහතික සහ වාහන ලියාපදිංචි සහතික සහන කාලයේදී කල් ඉකුත්ව ඇත්නම් එහි වලංගු කාලය 2021.10.31 වැනිදා ලෙස සලකා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන බවද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.යූ.අයි. දිසානායක පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14