අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම ට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබේ.

එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට නියමිතය.

මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් එය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැකුව සුදානම් බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්