මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න අලුත් ක්‍රමයක් නාමල් ‌හොයාගනී

තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර ගන්නවා’ යයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව,  තොරතුරු තාක්ෂණය දියුණු නව ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතනයකින් මහජන සේවය ඉටු කරගැනීම සඳහා වූ පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මෙහෙයවීම මත සිදුවේ.

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා තුන්සිය හතළිස් එකක් (341) ක් ප්‍රමුඛ ව දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් විවිධාකාරයෙන් මහජනතාව වෙත සේවය සලසනු ලබයි.

පළාත් පාලන ආයතන නව තාක්ෂණය සමග මුසුව ඩිජිටල්කරණයවීම හේතුවෙන් ජනතාව වෙත කාර්යක්ෂම හා වේගවත් සේවයක් සැපයිය හැකිවෙයි.

එහි ඇති විනිවිදභාවය හා විශ්වාසනීයත්වය හේතුවෙන් රාජ්‍ය සේවය කෙරෙහි මහජන ප්‍රාසාදය ද ගොඩනැගෙන අතර ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් ද මඟ හැරී ගොස් සියලු කටයුතු කාර්යක්ෂ ම වනු ඇත.

පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම තුළින් ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් සලසා ගැනීම, ක්‍රීඩා පිටි හා ශාලා පහසුකම් වෙන් කරගැනීම ඇතුළු ප්‍රධාන පෙළේ සේවාවන් පහළොවක් ද අනෙකුත් සේවාවන් හැටකට අධික ප්‍රමාණයක් ද තම නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාව මහජනතාව වෙත ලැබේ.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“මිනිස්සුන්ගේ බදු මුදල් ගෙවන්න ඔවුන් ආයතන ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ. අපියි ඔවුන් ළඟට යන්න ඕනේ. ඇතැමුන් කියනවා රට සිංගප්පූරුවක් වගේ කරන්න ඕන කියලා. ඒකට තියෙන ප්‍රශ්නය ගොඩනැගිලි, වාහන යන්ත්‍ර සූත්‍ර නොවෙයි. මානව ප්‍රාග්ධනය සම්බන්ධවයි ගැටලුව තිබෙන්නේ.

අපි හිතන විදිහ හා ආකල්ප වෙනස් කරගත යුතුයි. තාරුණ්‍යයට අනාගතයක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණය එක් කර රට ඉදිරියට යාමෙන් පමණයි

දේශපාලනඥයන්ට පවා ඉදිරියට යන්න වෙන්නෙ තොරතුරු තාක්ෂණය සහිත ලෝකයකයි.  එහෙම නැති වුණොත් තරුණ දේශපාලනඥයන්ගේ අනාගතය නැති වෙනවා.

අපේ අමාත්‍යාංශය මගින් පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයට හා ආයතනවලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරනවා. ඊට අවශ්‍ය දැනුම තාක්ෂණය ඇතුළු සියලු සහයෝගය අපේ අමාත්‍යාංශයෙන් ලබාදෙනවා.

ඒ කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීම සඳහා මෙහයුම් කමිටුවක් පත්කර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම පළාත් පාලන ආයතනවල ඉන්න සේවකයින්ගෙන් එම කටයුතු ගැටළුවක් නොමැතිව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ හා ඩිජිටල්කරණය පිළිබඳ පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා.

මෙහි පළමු අදියරේ දී වැඩිම ආදායම් උත්පාදනය කරන පළාත් පාලන ආයතන සීයක් ගෙන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස මම නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට  පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස, තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් (සංවර්ධන) එම්. කොඩිප්පිල්ආරච්චි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සාමාන්‍යධිකාරි ඕෂධ සේනානායක, ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානයක යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් පාලන ආයතනවල සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19