අහස උසට ගිය වාහන මිලට ළඟදීම වෙන්න යන දේ මෙන්න

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි.

නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත නිසා සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද ඔහු පවසන්නේ.

නමුත් පවතින සාධක අධ්‍යනය කිරීමෙන් පසු ඒ ගැන ඉදිරියේ දී කරැණු සලකා බැලීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

බොහෝ දුරට ඒ ගැන සලකා බැලීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී.

කෙටි කලක දී රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තමන් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසූ එම ගමනේ දී සමහරුන්ට සතුටු විය නොහැකි තීන්දුවලට පවා යාමට සිදුවන බවද කියා සිටියේය.

මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල වාහන ආනයනකරුවෙකු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ වාහන ආනයන ආරම්භ කලහොත් දැනට දේශීය වෙලදපලේ විශාල වශයෙන් ඉහල දමා ඇති වාහන මිල පහල යනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
185
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50