ලබන 01 වනදායින් පසුව කාටත් වැඩ කරන්න වෙන්නෙ මෙහෙමයි…අලුත් ආරංචියක්.

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇති.

මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇති.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ දහවල් පැවැති අතර, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
97
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..අපි ළඟදිම ගල් අඟුරු කොමිසමට යනවා
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54