සියල්ලන් සුදානම් වෙන්න රට අරින්න සූදානම් ජනපතිගෙන් විශේෂ උපදෙස්

ලබන ඔක්තෝබර් පළමු වැනිදා නිරෝධායන ඇ`දිරි නීතිය ඉවත් කර යළි රට විවෘත කිරීමට හැකි නම් පමණක් ඊට අවශ්‍ය සියලූ කටයුතු සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇති බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඒ අනුව අදාළ අංශ රට විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් තිබෙන බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය. ඒ සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කී ඒ මහතා, සෞඛ්‍යය, පොදු ප‍්‍රවාහනය, කෘෂිකර්මය, රාජ්‍ය සේවය සහ පෞද්ගලික සේවය සම්බන්ධයෙන් සැලසුම් සකස් කෙරෙමින් තිබෙන අතර ඒවා ඉදිරියේදී ජනතාවට දැනුම් දෙන බවද කියා සිටියේය.

රට විවෘත කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළහොත් යළිත් බරපතළ ගැටලූ ඇතිවිය හැකි බව කී යුද හමුදාපතිවරයා, එවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් තවත් සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති අනුව කටයුතු කිරීමට ජනතාවට සිදුවන්නේ යැයිද ස`දහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?