සියල්ලන් සුදානම් වෙන්න රට අරින්න සූදානම් ජනපතිගෙන් විශේෂ උපදෙස්

ලබන ඔක්තෝබර් පළමු වැනිදා නිරෝධායන ඇ`දිරි නීතිය ඉවත් කර යළි රට විවෘත කිරීමට හැකි නම් පමණක් ඊට අවශ්‍ය සියලූ කටයුතු සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇති බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඒ අනුව අදාළ අංශ රට විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් තිබෙන බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය. ඒ සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කී ඒ මහතා, සෞඛ්‍යය, පොදු ප‍්‍රවාහනය, කෘෂිකර්මය, රාජ්‍ය සේවය සහ පෞද්ගලික සේවය සම්බන්ධයෙන් සැලසුම් සකස් කෙරෙමින් තිබෙන අතර ඒවා ඉදිරියේදී ජනතාවට දැනුම් දෙන බවද කියා සිටියේය.

රට විවෘත කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළහොත් යළිත් බරපතළ ගැටලූ ඇතිවිය හැකි බව කී යුද හමුදාපතිවරයා, එවැනි තත්ත්වයක් ඇති නොවීමට නම් තවත් සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති අනුව කටයුතු කිරීමට ජනතාවට සිදුවන්නේ යැයිද ස`දහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36