තෑගි කතා බොරු බොම්බේ ඇටෙව්වේ පුපුරවන්න ඒක කොටි වැඩක්

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බය ඇටවූ සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගෙන් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබදව පුහුණුව ලැබූවෙක් බව විමර්ශන වලින් හෙළිවෙමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කරනුයේ රෝහලේ කසල ගොඩකින් එම අත්බොම්බය හමුවූ බවයි.

වැසිකිලියේ එම බෝම්බය තබා ආරක්ෂක නිලධාරීන්ට එහි බෝම්බයක් ඇතැයි සදහන් කරනු ලැබුවේ බෝම්බය සොයා දීම වෙනුවෙන් ප්‍රශංසාවක් සහ ත්‍යාග මුදලක් අපේක්ෂාවෙන් බවද සැකකරු පවසා තිබුණි.

එහෙත් දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ එම බෝම්බය පතොරම් කිහිපයකුත් සමඟ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවසක් අලුත් වැඩියාවකදී මේස ලාච්චුවකින් හමුවූ බවකි.

බොම්බය කාල බොම්බයක් ලෙස අටවා තැබුවේ අන්තර් ජාලයෙන් සහ සඟරාවලින් ලබාගත් දැනුමෙන් බවද ඔහු කීවේය.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසන්නේ සිය මිතුරෙක් විසින් එම බෝම්බ ඇටවුම කළ බවකි.

ඒ අනුව ත්‍රිකුණාමල උප්පුවේලිවලට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරුව අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් බෝම්බ පිපිරවීම් සහ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසකට පුහුණුවක් ලබාදුන් බවකි.

එම පුහුණුව ලැබූවන් අතර රෝහලේ බෝම්බය තැබීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් පුද්ගලයාද සිටින බව හෙළිවී තිබේ.

විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ රෝහල් වැසිකිලියේ බෝම්බය තබා ඇත්තේ පුපුරවා හැරීමටම බවයි.

එම පිපිරවීමේ අරමුණ කුමක්දැයි මෙතෙක් පැහැදිලිවම හෙළිවී නැති අතර ඔවුන්ට ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුහුණුව දුන් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොහෝ තොරතුරු හෙළිකරමින් ඇති අතර ඒවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..අපි ළඟදිම ගල් අඟුරු කොමිසමට යනවා
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54