ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ සුරතල් දියණිය ගැන ශනුද්‍රි හෙළි කළ රහස

දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්.

බොහෝ දෙනෙකු දන්නා පරිදි දිනක්ෂි, පසුගිය දිනවල මව් පදවියට සුදානමින් සිටියා.

ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කරමින් තමයි හිටියේ.

නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැනුද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ.

කොහොම නමුත් ඊයේ (26) දිනයේ දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය වන ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී තහවුරු කර සිටියා.

එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි.

එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
714
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?