බර වාහන බලපත්‍ර ඇති අයට බ්‍රිතාන්‍යයේ වීසා

රියැදුරන් හා සේවක හිඟය පාලනය කර ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට තාවකාලික වීසා නිකුත් කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය යොමු වී තිබේ.

බ්‍රිතාන්‍ය වාණිජ ප්‍රවාහන ආයතනය පවසන පරිදි එරට බර වාහන රියැදුරන්ගේ හිඟය 90,000ක් පමණ වේ.

කොවිඩ් ව්‍යාප්තිය, අඩු වැටුප්, රියැදුරන් විශ්‍රාම ගැනීම මෙන්ම යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමද ඊට සෘජු ලෙස බලපා ඇතැයි එහි අදහස වේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බරවාහන රියැදුරන් 3,000ක් පුහුණු කිරීමට යෝජනා වී තිබේ.

මෙම පියවර ගැනීමට අදහස් කර ඇත්තේ ඉදිරියේදී එළැඹෙන නත්තල් උත්සව සමය ඉලක්ක කර ගනිමිනි.

මේ අනුව ලොරි රථ රියැදුරන් හා කුකුළු ගොවිපළ සේවකයන් 10,500කට පමණ තාවකාලික වීසා බලපත්‍ර නිකුත් කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය රජය ගණනය කර ඇති ආකාරයට ආහාර ලොරි හා ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ රියැදුරන් 5,000ක් ඒ සඳහා අවශ්‍යව පවතී.

ඒ හැරුණු විට කුකුළු ගොවිපොළ සේවකයන් 5,500ක පමණ අවශ්‍යතාවක්ද මතුවී තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂේප්ස් ප්‍රකාශ කළේ නත්තල දිනය ගෙවී යන තෙක් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සේවකයන් හා රියැදුරන් 10,500ක් පමණ ප්‍රමාණවත් වනු ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශ පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයද ලබාගෙන බර වාහන රියැදුරන් පරීක්ෂා කර ඔවුන් සේවයට එක්කර ගැනීමට නියමිතය.

වසන්ත විජේරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09