දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ගැන රජය ගත් තීරණය

එළඹෙන ඔක්තෝම්බර් 01 වනදා රට විවෘත කිරීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදුකිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියළු අංශ වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය, ප්‍රවාහන සහ අනෙකුත් ක්ෂේත්‍ර වෙතින් මෙම නිර්දේශ ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන මස 01 වනදා අලුයම 4 දක්වා වීමට නියමිත අතර එය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී රට විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ රට යළි විවෘත කළ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාවට දැඩි වගකීමක් පවතින බවයි.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමත් සමඟ තමන් මුහුණ පා ඇති ආර්ථික අපහසුතා පිළිබදව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.

එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටීමට තමන් අපේක්ෂා කරන බවයි.

නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ කටයුතු බස්නාහිර පළාතේ සියළු ප්‍රධාන රෝහල්වල අද ආරම්භ කෙරුණා. ඒ අනුව රෝහල් 13කදී ෆයිසර් එන්නත ලබාදීම සිදුකෙරෙනවා.

ළමයින් සඳහා සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලියේදී මේ දක්වා කිසිදු සංකූලතා වාර්තා වී නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ෆයිසර් එන්නත් මාත්‍රා 31,590 ක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇති අතර, ඒවා කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44