විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙතෙක් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා බඳවා ගැනුණේ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවා අත්දැකීම් සහිත අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් ය.
එසේ නමුත් මේ වන විට විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණීයේ සුදුසුකම අවශ්‍ය වන අතර එම සුදුසුකම සපිරූ නිලධාරීන් දෙපාර්තමේන්තුවේ නොමැත.
කෙසේ වුව ද මෙවර මෙම තනතුර සඳහා පත් කෙරෙන්නේ අයැදුම්පත් කැඳවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ ට ඊයේ (26 වැනිදා) පැවසීය. අයැදුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් මහාචාර්යවරයා කීවේය.
මීට පෙර දෙපාර්තමේන්තුවට පිටින් මෙම තනතුර සඳහා නිලධාරියකු පත් කර ඇත්තේ එක් වරක් පමණි. ඒ හිටපු අධ්‍යාපන ඇමැති රිචර්ඩ් පතිරණගේ සමයේ දී ය.














