විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා සුදුසුකම් තියෙන කවුරුවත් නෑලූ

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙතෙක් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා බඳවා ගැනුණේ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවා අත්දැකීම් සහිත අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් ය.

එසේ නමුත් මේ වන විට විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණීයේ සුදුසුකම අවශ්‍ය වන අතර එම සුදුසුකම සපිරූ නිලධාරීන් දෙපාර්තමේන්තුවේ නොමැත.

කෙසේ වුව ද මෙවර මෙම තනතුර සඳහා පත් කෙරෙන්නේ අයැදුම්පත් කැඳවීමෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ ට ඊයේ (26 වැනිදා) පැවසීය. අයැදුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් මහාචාර්යවරයා කීවේය.

මීට පෙර දෙපාර්තමේන්තුවට පිටින් මෙම තනතුර සඳහා නිලධාරියකු පත් කර ඇත්තේ එක් වරක් පමණි. ඒ හිටපු අධ්‍යාපන ඇමැති රිචර්ඩ් පතිරණගේ සමයේ දී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53