මඩකලපුව කලුව්න්චිකුඩි පොලිස් වසමේ පද්දීරුප්පුව පාලම අසළින් මෝටාර් බෝම්බයක් හමුවූ බව කලුවන්චිකුඩි පොලීසිය පවසනවා.
මඩකලපුව වැවේ පද්දිරිප්පුව පාලම් ප්‍රදේශයේ මසුන් අල්ලාගෙන සිටි ධීවරයින්ගේදැලට බෝම්බයක් පැටලී හමුවී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධව ක්ෂණිකව කලුව්න්චිකුඩි පොලිස් ස්ථානයට දැනුම දී තිබුණා.
වහාම ස්ථානයට ගිය කලුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන හා කලුවන්චිකුඩි විශේෂ කාර්ය බලකාය ඇතුළු කණ්ඩායම බෝම්ම්බය පරික්ෂා කර බලා තිබෙනවා.
උසාවිය නියෝගයක් ලබා ගත් පසු විශේෂ කාර්ය බලකාය බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් මෙම බෝම්බය නිශ්ක්‍රිය කිරීම සඳහා රැගෙන ගිය බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා
am
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














