සජිත් ආණ්ඩුවට අභියෝග කරයි රටට අත්‍යවශ්‍ය දෙයක් ගැන හදිස්සියේ හඩ අවදි කරයි

නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ එවිට ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති මතය මනා ලෙස දැනගත හැකි බවය.

අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

“මම ආණ්ඩුවට කියනවා, මේ වෙලාවේ ජනමතය විමසුවොත් බලාගන්න පුළුවන් ජනතාවගේ වේදනාව. මම අභියෝග කරනවා ආණ්ඩුවට. නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න. බොරුවට ජාත්‍යන්තරයට ගිහින් මැතිවරණය ගැන මුසාවාදා කියන්නේ නැතුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?