පුද්ගලයෙක් පොලිසියේ දෙදෙනෙකුගේ අත සපා කයි – සපා කෑ පුද්ගලයාට ලැබු දඩුවම

ගන්දර ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අත සපා කා පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යි.

එසේම තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා තලල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඝාතන සිද්ධියක සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන එල්ලවන බවට පසුගිය 25 වැනි දා ලද පැමිණිල්ලකට අනුව අදාළ සාක්ෂිකරුගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. එලෙස පොලිස් ආරක්ෂාව යොදා තිබිය දී කඩුවක් අතැති ව සැකකරු ගමන් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දීි පොලිස් නිලධාරීන්ගේ අත සපා කා පලායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?