කෝටි 50ක දේපොළ ගන්න ලොවම දන්න ඉංජිනේරුවා මරා හලාවත කලපුවේ හංගලා!

රුපියල් කෝටි පනහකට අධික දේපොළ ලබාගැනීම සඳහා ජාත්‍යන්තරය පිළිගත් ඉංජිනේරුවකු ඝාතනය කර ඔහු විදෙස්ගතවූ බවට හැඟවීම සඳහා ගුවන් තොටුපොළේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත අතුළත් කළ සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (25 වැනිදා) තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක් තිස්සේ වරලත් ඉංජිනේරුවකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ අයෙකි. වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි (63) යන මෙම පුද්ගලයා හලාවත කාකපල්ලිය ඉදිගොඩවිල පදිංචි අයෙකි. ඝාතනය වූ මෙම කෝටිපතියාට මොහුගේ සේවය වෙනුවෙන් ඕනෑම රටකට යෑම සඳහා ඕස්ට්‍රේලියාවෙන් වෙනමම වීසාද ලබාදී ඇත.

මීට වසර තුනකට ඉහතදී එක්වරම මෙම පුද්ගලයා අතුරුදන්ව තිබේ. එසේ අතුරුදන් වූ මෙම කෝටිපතියා ඝාතනය කර කලපුවක සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසුව අත්අඩංගුවට ගත් තිදෙනකු පසුගිය සතියේ පාපොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන පේරාචි ලින්කන් නමැත්තා ඉතාලියේ සිට පැමිණ ව්‍යාපාරියකු ලෙස මෙරට කටයුතු කරන අයෙකි. රුවන් චන්දන නමැති දෙවැනි සැකකරුද ව්‍යාපාරිකයෙකි. නිහාල් දේවප්‍රිය නමැති තුන්වැනි සැකකරු මියගිය අයගේ ඥාතියෙක් වෙයි.

මෙම සැකකරුවන් 2018 ඔක්තෝබර් 13 වැනිදා සමන් විජේසිරි නමැති මෙම කෝටිපතියා පැහැරගෙන ගොස් ඝාතන කර හලාවත කලපුවේ සඟවා ඇත.

මෙම සමන් විජේසිරි යන අයගේ අක්කර පනහක පමණ ඉඩමක පිහිටි වාහන සේවා (සර්විස්) ආයතනයක් ප්‍රධාන සැකකරු බදු පදනම මත ලබාගෙන ඇත. මේ ඝාතනයට හවුල් වූ ඥාතියා හෙවත් තෙවැනි සැකකරුට කෝටි ගණනක් වටිනා ජාඇල පිහිටි ගොඩනැගිල්ලක් බලා ගැනීමට සමන් විජේසිරි භාරදී තිබේ.

සමන් විජේසිරි ජපන් ජාතික කාන්තාවක සමග විවාහ වී සිට ඇත. එහෙත් මෙම දේපොළට දරුවන් නොමැති වීමෙන් දරුකමට හදාගත් අයකුට දේපොළ ලියා දීමට සූදානම් වීමත් සමග මෙම ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම සමන් විජේසිරි නමැති අය හදිසියේම අතුරුදන් වීම සම්බන්ධව හලාවත පොලිසියට පළමු පැමිණිල්ල ලැබෙන්නේ 2018 සැප්තැම්බර් 18 වැනිදා වත්තේ මුරකරුගෙනි.

එම විමර්ශනවලදී අතුරුදන් වීමක් සම්බන්ධව අධිකරණ වාර්තා කර තිබුණද විමර්ශන හරිහැටි සිදුනොවීම සම්බන්ධව පොලිස් කොමිසමට ආර්. ජයවීර නමැති මියගිය අයගේ ඥාතියකු පැමිණිලි කර ඇත. ඒ අනුව 2020 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී තිබේ.

ඒ අනුව මෑතකදී ආරම්භ කෙරුණු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත වෙත මෙම විමර්ශන භාර දෙන්නේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහය. එම ප්‍රදානීන්ගේ උපදෙස් මත මෙම නව ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ඇරැඹූ විමර්ශන මගින් මෙම අබිරහස් අනාවරණය වී ඇත.

සමන් විජේසිරිගේ ඝාතනයෙන් පසු සැකකරුවන් සිද්ධියට කලින් දිනක් යොදා නීතිඥවරයකුගේ සහායෙන් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් ප්‍රධාන සැකකරුගේ නමට දේපොළ ලියාගෙන ඇත. එම ව්‍යාජ ඇටෝනි බලපත්‍රය මගින් සියලු දේපොළ විකිණීමට ප්‍රධාන සැකකරුට බලය පවරා ගෙන තිබිණි.

ඝාතනයට ලක් වූ අය විදෙස්ගත වූ බව හැඟවීමට 2019 මැයි 28 වැනිදා UL225 යානයෙන් ඔහු විදෙස්ගතව ඇති බවට කටුනායක ගුවන් තොටුපොළේ දත්ත පද්ධතියටද තොරතුරු ඇතුළත් කර ඇත. ආගමන විගමන නිලධාරියකුට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ගෙවා මෙය කරගෙන ඇතැයි දැන් හෙළිව තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන නිලධාරි, නීතිඥයා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබේ. එමෙන්ම කලපුවට දැමූ බව කියන දේහයේ කොටස් සෙවීමටද විමර්ශන අරඹා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සබ්මැරීන් බාස්ටයි, කප්පන් රාජපක්ෂටයි චමීරගෙන් සත්තමක්.."පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු"
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30