ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත වීමක් බොහෝ විට සිදුනොවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) මඟින් සංවිධානය කර තිබූ විද්වත් සාකච්ඡාවකට සම්බන්ධ වෙමිනි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙරට දේශීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිලදී ගැනීමේ ප්‍රමාදයක් පවතින බැවින් ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත නොකරනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් මත පළ කර සිටියේ රට විවෘත කිරීම ඔක්තොම්බර් මස මැද දක්වා කල් යනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය පිළිබඳ ගැටලුවට මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කර සිටි අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ටේ දිනෙන් දින පහත වැටෙමින් පවතින විදේශ විනිමය සංචිත පිළිබඳව වඩාත් අවධානය යොමු විය යුතු බවයි.