AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ඇරියත් ගුරුවරු නෑ! විහිළු සැපයීම නවත්වන්න

පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.‍

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයන් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි.

“දැනටමත් සූදානම් වෙනවා මේ ගැටලුව නොවිසඳා ළමුන් 200ට අඩු පාසල් 5000ක් ඔක්තෝබර් 6 විවෘත කරන්න. අපේ වෘත්තිය අරගලය විසඳන තුරු පාසල් විවෘත කළ පසු පැමිණෙන්නේ නැහැ.ඒක පාලකයින් හොඳින් තේරුම් ගන්න.” යැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී සඳහන් කර සිටියේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“අධ්‍යාපන ලේකම් කුමන පදනමකින්ද අපිට නැවත වැඩකරන්න කියන්නේ. මේ විහිළු කතා කවුද පිළිගන්නේ? විහිළු සැපයීම නවත්වන්න. පාසල් විවෘත කිරීමට හා ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට පෙර කළ යුතු ප්‍රධාන දේ කුමක්ද? මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කර විසඳුමකට යමු. අපි දැවැන්ත තීන්දුවක් ගන්නවා.”

mauratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?