ගුරුවරු කොන්දොස්තර සේවයේ යොදවන ඇමැතිගේ සැලැස්ම

ප්‍රාථමික අංශ හා පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට සැලසුම් සකස්කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

හෙතෙම මේ බව පැවසුව‍ෙ ඊයේ (24) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාසල් යළි විවෘත කිරිමෙන් පසු මෙම නව ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වන අතර මෙහිදී කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාසල් පාලිකාවන් යොදා ගනිමින් මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරිමට නියමිත බව හෙතෙම පැවසීය.