හුදකලාවේ විසූ වයෝවෘද්ධ කාන්තාවකගේ අභිරහස් ඝා’ත’න’ය

වැලිකඩ – රාජගිරිය ප්‍ර දේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අද (25) අලුයම නිවස තුළදීම ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාරේ නිවසක තනිව ජීවත්වූ සිටි 71 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් අද අලුයම් කාලයේ කෑ ගසන හඬ ඇසීම නිසා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ඒ පිළිබඳ සොයාබලා තිබෙනවා.

එහිදී ඔවුන්ට දැකගැනීමට ලැබී ඇත්තේ අදාළ කාන්තාව නිවස තුළ ඝාතනය කර සිටින අයුරුයි. පසුව මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. ඝාතකයින් සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයෙකුගේද සහය ලබාගත්තා.

මේ අතර, පොතුවිල් – ආරුගම්බේ සංචාරක කලාපයේ හෝටලයක රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුව තිබෙනවා.

43 හැවිරිදි තෝමස් ජෝන් නම් මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණ ඇත්තේ පසුගිය 22 වැනිදායි.

මීට මාස 06කට පෙර සිය බිරිඳ සමඟ මෙරටට පැමිණි ඔහු හික්කඩුව ප්‍රදේශයේ නිවසක රැඳී සිට ඇති අතර, පසුගිය 22 වැනිදා ඔහු මෙරට රියදුරෙකු සමඟ සංචාරයක් සඳහා ආරුගම්බේ ප්‍ර දේශයට පැමිණ තිබුණා.

එහිදී බ්‍රිතාන්‍ය ජාතිකයා සංචාරක හෝටලයක කාමරයක් වෙන්කරවා ගෙන නවාතැන් ගෙන තිබූ අතර, ඔහුගේ රියදුරු නවාතැන් ගෙන ඇත්තේ වෙනත් ස්ථානයකයි.

22 වැනිදා රාත්‍රී කාලයේ වෙනත් හෝටලයක පැවති සාදයකට බ්‍රිතාන්‍ය ජාතිකයා සහභාගී වී තිබෙනවා.

ඔහු නවාතැන් ගත් හෝටලයට පැමිණ ඇත්තේ 23 වැනිදා අලුයම් කාලයේදී.

ඔහු 23 එදින හෝටල් කාමරයෙන් පිටතට පැමිණ තිබුණේ නැහැ.

ඔහුගේ බිරිඳ රියදුරුට දන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා දුරකථනයට ප්‍රතිචාර නොදක්වන බැවින් ඔහු පිළිබඳ සොයාබලන ලෙසයි.

රියදුරු සිදුකළ සොයාබැලීමේදී හෙළිව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා රැඳී සිටි කාමරය තුළ මියගොස් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකළ අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද එම ස්ථානය නිරීක්ෂණය කළා.

අනතුරුව දේහය පොතුවිල් මූලික රෝහල වෙත රැගෙන ගියා, කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?