මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට අශෝබන ලෙස හැසිරුණ කොස්තාපල්ට ලැබුණු දඩුවම

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් නිල නිවස ඉදිරිපිට රාජකාරී නිල ඇඳුමෙන් බීමත්ව අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසිය විසින් අදාල පොලිස් කොස්තාපල්වයා අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්ත මෙම කොස්තාපලවරයා ඊයේ (24) සවස 6.00 සිට අද (25) අලුයම 6.00දක්වා මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිට ඇති බවයි වාර්තා වන්නේ.

කොස්තාපල්වරයා රාජකාරී වේලාවේ බීමත්ව මෙලෙස අශෝබන ලෙස හැසිරී ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම් දීමක දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා බලපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු බීමතින් සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා අද (25) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55