රට විවෘත කළ පසු ජනතාව හැසිරිය යුතු ආකාරය හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පහදයි

රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම් විරහිතව කටයුතු කළහොත්  කොරෝනා රැලි යළිත් මතුවීම වැළැක්විය නොහැකි බවත්  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

රට විවෘත කළ පසු ජනතාව  මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති  තදින්ම පිළිපදිමින්  වගකීම් සහගතව කටයුතු කළ යුතු වන බවද  හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් තමාට  යම් උපදෙසක්  ලබාදෙනු ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා රටේ කොරෝනා   ව්‍යාප්තිය  සතුටුදායක ලෙස  පාලනයවී  ඇති බවද පෙන්වා දුන්නේය.

රටේ කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුනේදි තවදුරටත් අඩු වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද ඔහු කීවේය.

කොරෝනා  ආසාදිතයන් නිවෙස්වල  රඳවා රැක බලාගැනීමේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකවූ බවත් කොරෝනා  පැතිරීම පාලනයට එය ලොකු පිටුබලයක්වූ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශද සකස් කෙරෙමින් පවතින බව  හෙතෙම සඳහන් කළේය.

මේ අතර  රටේ මුළු ජනගහනයෙන් සියයට 51කට  පමණ කොරෝනා  මර්දන  එන්නතේ  දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා සෙසු වයස් කණ්ඩායම්වල  ජනතාවටද එන්නත  කඩිනමින් ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවැසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36