පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නිරෝධායන රීති කඩකරමින් යාපනය ප්‍රදේශයේ දී තිලීපන් නමැති LTTE සාමාජිකයා වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කිරීමේ චෝදනාවක් යටතේය.

ඔහු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමග බහිස්බස්වීමක් ඇති කරගෙන තිබූ බවද වාර්තා වෙයි.