අවුරුදු 25ක් තිස්සේ උණවටුනටම උදවු කළ කතට අන්තිමේ කරපු දේ විදේශිය කාන්තාවක් පදිංචිව සිටින උණවටුනේ පිහිටි ඉඩමක ළිඳට අසල්වැසියෙකු විසින් අසූචි දැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇතැයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
තමා වසර විසි පහක කාලයක් තිස්සේ උණවටුනේ පදිංචිව පළාත් වාසින්ට උදව් කරමින් සිටින බවත් බුද්ධාගම කෙරෙහි මහත් විශ්වාසයක් තිබෙන බවත් මේ කටයුතු ඉවසාගත නොහැකි අන්‍යාගමික පුද්ගලයෙකු තමාට විවිධ හිරිහැර කරන බවත් අවසාන වශයෙන් තමා ඝාතනය කිරිමේ අරමුණින් ජලය ලබා ගන්නා ළිඳට අසූච් දමා ඇති බවත් ඇය විසින් පොලිස්පතිවරයාට ලිඛිතව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.
ළිඳ අවට මිටර් 200ක් දුරින් කිසිදු වැසිකිළියක් නොමැති බවත් සැකකරුට හැර වෙනත් කිසිදු බාහිර පුද්ගලයෙකුට ළිඳ අසලට පැමිණිය නොහැකි බවත් ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.
මේ අතර එම ළිඳේ ජල සාම්පල් පරික්ෂා කරන ලද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මාතර පිහිටි දකුණු පළාත් රසායනාගාරයේ රසායනඥවරිය වාර්තාකර ඇත්තේ මිනිස් අසූචි හා සෘජුව සම්බන්ධ ඊ කෝලා (E Coli) බැක්ටිරීයාව ජලයේ මිශ්‍රවි ඇති බවය.
පැමිණිලිකාර විදේශිය කාන්තාව පැමිණිල්ලේ පිටපත් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම විහාරාධිපතිවරුන්ටද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාටද යවා ඇත.
ගාල්ල ෆර්හාන් නිසාම්දින්














Who ever did this.. Very ugly.. It’s inhuman behavior..how this much people be come cruel very sad….very shame to all Sri Lankans..🤭🤭🤭
අපේරට අද පත් වෙලා තිබෙන අගාදයක තරම මේවගේ දේවල් වලින් පෙන්වන්නේ දෙවියනේ මෙවන් අසමජ්ජාති වැඩක් කරන්න තරම් මිනිසුන් පිරිහිලා අනික විදේශ රටක මනුස්සයෙක් ඒ මිනිස්සු මොනවද අපි ගැන හිතන්නේ මේක මහාත් අවමානයක්