කොවිඩ් මරණ 66ක්

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළගොස් තිබේ.

එම කොවිඩ් මරණ 66න් 36 දෙනෙකු කාන්තාවන් වන අතර 30දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 53 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?